Sunday 8 May 2011

මුවහත නැති මොට්ට කියත - The tale of the blunt saw


ආණ්ඩුවේ සේවකයින් ට තියෙන පුහුණු වැඩසටහනකට සහභාගී වෙන්න ලැබුණා පහුගිය සතියේ දවස් තුනක් පුරාම. මාත් එක්ක තවත් විසි පස් දෙනෙක් ඇවිත් හිටිය මේ කෝස් එකට රජයේ අනෙකුත් ආයතනවලින්.

එතන දේශනවලදී කියවුණු, ඇහුණු දේ අපමණයි.

එයින් ඉතාම පොඩි දෙයක් බෙදා හදා ගන්නයි මේ සන්ඩේ ස්පෙෂල් එක්ස්ට්‍රා එක ලියන්නේ.

මේකයි කතන්දර කෑල්ල.

ඔන්න පොරක් ගහක් කපනවා ලු කියතකින්.

ඒ ලඟින් ගිය කෙනෙක් දැකලා තියෙනවා මේ ගස් කපන පොර පාවිච්චි කරන කියත මුවහත නැති මොට්ට වෙච්ච එකක් බව.

ඉතිං මේ ආගන්තුකයා කිව්වලු ගහ කපන පොරට "මනුස්සයෝ ඔය කියතේ මුවහත ගෙවිලා හොඳටම මොට්ට වෙලා නේද? ඇයි ඕක මූවහත් කරගන්නේ නැත්තේ?" කියලා.

හිතාගන්න පුළුවන්ද, ගහ කප කප හිටිය පොර ආගන්තුකයාට දීල තියෙන උත්තරේ?

"මං දන්නවා ඕයි, මේ කියත මොට්ට වෙලා බව. ඒත් මනුස්සයෝ මට වෙලාවක් නෑ, කියත මුවහත් කරගන්නවත් මේ ගහ කපන වැඩේ නවත්තන්න! තමුසෙට පේන්නේ නැද්ද මං හරිම බිසි බව?"

-කතන්දරකාරයා

ප/ලි
ආගන්තුක කියනව වචනය හිතට එනවාත් සමගම මතක් වුනා මේ අපූරු වචනේ මං තායිලන්තේ දී ත් අහලා තියෙන බව. ඒ කියන්නේ ආගන්තුක කියන වචනේ සංස්කෘත, පාලි පසුබිමක් තියෙන එකක් වෙන්න ඕනෑ අනිවා ඩෙෆා.

තායිලන්තේ ආගන්තුක වචනය පාවිච්චි වුනේ පිටරටවලින් ඇවිල්ලා ඉන්න අය වෙනුවෙන් විශේෂයෙන්ම ටේලර් මේඩ් කරල තිබුණු ගිනුම් වර්ගයක් හඳුන්වන්නයි.

කොහොමද ඉතිං ඔහේලා ගේ කියත් වල තත්වය?

(image: http://monarchlibrary.wikispaces.com/familyresources)

21 comments:

  1. අපේ කියත සෝයි... අපිට වෙලාවක් නැතිවුනාට තාත්තට වෙලාවක් තියෙනවනේ දැන්...

    ReplyDelete
  2. කියත මුවහත් කර ගන්න , ගන්නා පුංචි වෙලාවෙන් , වැඩේට ගත වන මුළු කාලය සහ ශ්‍රමය අඩු කර ගන්න පුලුවන් බව ඒ මනුස්සය දන්නෙ නැතිව ඇති.

    තව කතා කරානම් ආගන්තුකයට බලා ගන්න තිබ්බ , කියතෙ මුවහතේ තත්ත්වය කොහොම ද කියල. මොකද එහෙම මිනිස්සු නෙව වැඩි. අද කාලේ නම් කවුරුවත් උපදෙස් දෙන්න යන එකක් නැහැ.

    “ උඹේ වැඩේ , මයෙ මොක ද? උඹට ඕනි විදිහකට “

    ReplyDelete
  3. අපේ ජීවිත පට්ටාම බිසීය...
    කියත මුවහත් කිරීමට තමා ගසක් කැපීමට වත් ටයිම් එකක් නැත..
    අපි ඔහේ දුවනවාය..

    ReplyDelete
  4. කසූ, හොඳ ආදර්ශමත් කතාවක්. හිතන්න ගොඩක් දෙයක් තියෙනවා.....!!

    ReplyDelete
  5. කියත් දැන් අවුරුදු 5 කට පමණ කලින් තියුණු ව තිබුණි. අද වන විට කියත් පටිය පමණක් ඉතිරි තත්වයක් ඇත. එතනින් එහාට අදහස් දැක්වීමට නොයමි.

    ReplyDelete
  6. අපි ඉතින් කියත් පාවිච්චියක් නැති හන්දා ප්‍රශ්නයක් නෑ. ඕනම උනොත් ගන්නවා electric Saw එකක්. මුවහත් කරන්න අවශ්‍ය නැහැනේ.

    ReplyDelete
  7. @ kathandara

    මෙය ඔබේ මෙම ලිපියට අදාල නොවූවක් වීම ගැන සමාවන්න.ඔබ විසින් නියම පොරක් ලෙස හදුන්වා දෙනු ලැබූ ( මා ද අදාල බ්ලොගය කියවීමට පෙලඹුනේ එම සදහනට පසුවය ) සිහිසටහන් නම් බ්ලොග් අඩවිය හා මෙය සම්බන්ධය. මෙහිදී මට සිදුව තිබෙන අසාධාරණය ප්‍රකාශ කිරීමට අන් මගක් නැත.මන්ද අදාල බ්ලොග්කරු මාගේ කමෙන්ටු කපා දැමීමෙහි දිගින් දිගටම නිමග්නව සිටින බැවිනි.ඒ නිසා අන් මගක් නැති තැන ඔහුව අපට හදුන්වා දුන් ඔබේ අඩවියේ මෙය පලකරමි. ඒ සදහා ඉඩ දෙනු ඇතැයි මම අපේක්ෂා කරමි.

    සිහිසටහන් අඩවියේ ගෝඨාභය රාජපක්ෂ ගැන දින කිහිපයකට ඉහත ලිපියක් පලවූ අතර ඉන් එතුමාව ලංකාවේ බිහිවූ විශිෂ්ටතම රාජ්‍ය නායකයා ලෙස අභිෂේක කොට තිබුණි.

    http://sihisatahan.wordpress.com/2011/05/05/blogpost33/

    එහිදී මම කරුණු කිහිපයක් උඩ එම නිගමනය ප්‍රශ්න කල අතර එම ප්‍රශ්න කිරීම් වලට කිසිදු පිලිතුරක් නොලැබුණි. මා ලද එකම පිළිතුර වූයේ මා එක්තරා දේශපාලන කදවුරක් නියෝජනය කරන නිසා මට පිළිතුරු දීමට කාලය වැය නොකරමි යන ලිස්සා යන උත්තරය පමණි. එහිදී අදහස් දැක්වූ රවි දිනුක වැනි කීපදෙනෙක්ම චානුකගේ උක්ත ප්‍රවේශය ප්‍රශ්න කොට තිබූ අතර මීට පිළිතුරු දෙන චානුක මගේ නිර්නාමිකත්වය ගැනත් මා නිර්නාමික වීම ගැනත් ප්‍රශ්න කරමින් ( මා මතුකළ කරුණු වලට උත්තර දෙනවා වෙනුවට) නිර්නාමිකව ලියන මා වූ කලී ආනන්ද වර්ධන යැයි නිගමනයක්ද කර තිබුණි. (ආනන්දවර්ධන ඔබ දන්නවා ඇතැයි සිතමි.හෙතෙම බ්ලොග් අවකාශයේ පුරෝගාමි බ්ලොග්කරුවෙකි.ඔහුට මා වාගේ නිර්නාමිකව කමෙන්ටු දදා ඉන්න ඇම්මක් ඇතැයි නොසිතමි )

    ReplyDelete
  8. මා සිහිසටහන් අඩවියේ පලකල කමෙන්ටුව සම්පූර්ණයෙන් මෙසේය.

    "@ සියල්ලන්ම

    මෙම බ්ලොග්කරු වැදගත් මහත්මයෙකු බවට කතන්දර බ්ලොග් අඩවියේ සදහන්ව තිබූ අතර මමද එය සද්භාවයෙන් විශ්වාස කලෙමි. මෙහි කමෙන්ට් කිරීමට මා පෙළඹුනේ එම නිසාය.මොහු මෙහිදී දක්වා තිබූ අදහසක් නිශ්චිත කරුණු කිහිපයක් උඩ මම ප්‍රශ්න කලෙමි.ඒ වැදගත් මහත්මයෙකු ලෙස අභිෂේක කොට තිබූ මෙතුමාගෙන් ඊට නිසි පිළිතුරු ලැබෙනු ඇත යන අවංක විශ්වාසයෙනි.නමුත් මා වෙත කිසිදු පිළිතුරක් නොලැබුනු අතර සිදු වූයේ මගේ දේශපාලන කදවුරක් ගැන නන්දෙඩවීමක් පමණි.එය මා කිසිසේත් අපේක්ෂා කල එකක් නොවීය.මේ නිසා කිසිදු සංවාදයක් ගොඩ නොනැගෙන බව තේරුම් ගිය නිසා මම දිනකට පෙර මෙම සංවාදයෙන් ඉවත් උනෙමි.

    නැවත අද නිකමට මෙන් මෙම අඩවිය වෙත පැමිණි විට දැක ගත හැකි වූයේ කුමක්ද?ඉතාම සදාචාරාත්මක නොවන විදිහකට මෙම බ්ලොග්කරු මගේ ප්‍රශ්න මග හරිනවාට අමතරව මා ආනන්ද වර්ධන බවට මහා සොයාගැනීමක්ද කර තිබෙන බවයි!ආනන්ද වර්ධන මෙය කියවනවාදැයි මම නොදනිමි.එසේ නම් ඔහු මෙය නිවැරදි කරනු ඇත.ප්‍රතිවිරුද්ධ අදහස් දරන්නෙක්ට පිලිතුරක් නොදී ඔහුගේ ජාතකය පිලිබද අංජනම් කීම මෙවැනි "මහත්මයෙකුගෙන්" කිසිවිට මම අපේක්ෂා නොකලෙමි.මොහුට මාගේ නිර්නාමිකත්වය විශාල ගැටලුවක් වී තිබේ.නිර්නාමිකත්වය සදහා වූ අයිතිය බ්ලොග්කරණයේ අයිතියක් බව මෙතුමා නොදැනීම කනගාටුවට කරුණකි.ඒ නැතත් ආරක්ෂක ලේකම් මුරුංගා අත්තේ තබමින් සිය සැබෑ නමින් ලිවීමට චානුක වත්තේගමලාට නිදහස තිබුණත් ඔහුව ප්‍රශ්න කිරීමට අපට තිබෙන නිදහස එම විශ්ෂ්ට රාජ්‍ය නිලධාරීන් විසින් හකුලා තිබෙන ආකාරය තේරුම් ගැනීමට අතාස් පෝදද්ල ජයන්ත චන්දන සිරිමල්වත්ත හා එවැනි ප්‍රශ්න කිරීමකට තරම් නිර්භීත වූ සියලු දෙනාගේ අත්දැකීම් ප්‍රමාණවත්ය.වත්තේගම.මම ආනන්ද වර්ධන නොවෙමි.අනෙකාගේ ජාතකය සොයන කැත පුරුද්ද පසෙක තබා සංවාදයෙහි යෙදීමෙහි ශික්ෂණය දැන්වත් ප්‍රගුන කරගනු මැනවි!

    - මෙය පලකරනු ඇතැයි මම අපේක්ෂා කරමි."

    ReplyDelete
  9. අවාසනාවකට වත්තේගම මෙය පල කලේ නැත!තමන්ගේ බ්ලොගයේ පල වන්නේ මොනවාද නැද්ද යන්න තිරණය කිරීමේ අයිතිය ඕනෙම අයෙකුට තබේ. නමුත් කුණුහරුප කිසිවක් නැති තමාගේ භාවිතය ප්‍රශ්න කරන කමෙන්ටු කපා දැමීම යනු සදාචාරාත්මක නොවන බමුණු ක්‍රියාවක් බව මම සිතමි.වත්තේගම ශාන්තුවරයෙකු බවට අභිෂේක කොට තිබේ.එහි පල වෙන කමෙන්ටු දෙස බැලීමෙන් බොහෝ දෙනා එසේ සිතාගෙන ඉන්නා බවත් පෙනී යයි.නමුත් එම වැදගත් මහත්මයා මෙලෙස සදාචාරාත්මක නොවන ලෙස හැසිරෙන බවත් ලෝකයා දැනගත යුතුය.මෙහිදී එක් අතෙකින් ආනන්දවර්ධනට අසාධාරණයක් සිදුව තිබෙන අතර අනිත් අතින් මගේ අදහස් ප්‍රකාශය වැලැක්වීම හරහා මාගේ සම්පූර්ණ කතාව ලෝකයාට කීමට නොහැකි වීමෙන් මටද අසාධාරණයක් සිදුව ඇත.මෙය පලකරන්නේ ඒ නිසාය.බ්ලොග්ස්පියරයේ පුරෝගාමි බ්ලොග්කරුවෙක් ලෙස - තමාගේ පුද්ගලික හිතවත්කම් පසෙක තබා - මෙහිලා සාධාරණ ක්‍රියාමාර්තයක් අනුගමනය කරනු ඇතැයි මම විශ්වාස කරමි.

    - ලලී

    ReplyDelete
  10. @ Noel a.k.a. ලලී

    චානුක ඔහු ගේ බ්ලොග් එකේ පල කරන නොකරන දෙයට මට වග කියන්න බෑ. සමහර විට ඔහු හෙට අළුත් ජොබ් එකට යන්නට ලැහැත්ති වෙන නිසා, පසුව නෙට් එකට ආ විට පල කරාවි.

    වරක් ටැබූ නම් හිටපු බ්ලොග් කරුවා, මට උදේම කමෙන්ට් එකක් එවා, මා දරුවෙකුගේ වැඩකට පැය හයක් ගත කල නිසා එය අනුමත කිරීමට නොහැකි වූ විට, මට තර්ජනාත්මක ඊ-මේලයක්ද එවා තිබුණා.

    චානුක ලියන්නේ ඔහුට අවශ්‍ය දේයි. ඒවා ඔහු ගේ මෙමොවාර්ස් හෙවත් සිහි සටහන්. ඔහු ගේ දර්ශනයේ, අර්ථ කතනයේ අඩුපාඩු තියෙන්න පුළුවන්.

    අපි කාගේත් අඩුපාඩු තියෙනවා. චානුක ගේ ලිපිවලට මාතෘකා වෙන සමහර අය ගේ නම් කිසිත් අඩුපාඩු නැති වෙන්න පුළුවන්.

    මේ ආත්මයේම බුදු වෙන අයත් ඉන්නවානේ.

    කෙසේ වෙතත්, මා චානුක පොරක් කියු එක වෙනස් කිරීමට හේතුවකුත් නෑ.

    මා චානුක පොරක් කියුවේ ඔහු ගේ දේශපාලන ආර්ථික අදහස්, ප්‍රතිපත්ති හෝ ක්‍රියාකාලාපය ගැන සලකා හෝ දැනගෙන හෝ නොවේ. ටීනේජ් වියේ සිට අද දක්වාම ඔහු පුද්ගලයෙකු ලෙස සිදුකර ඇති දේවල් ගැන මා දන්නා කරුණු අනුවයි.

    ස්තුතියි.

    ReplyDelete
  11. අපේ කියත් නම් ෆැක්ටරි ෆිනිෂ් තමා! සල්ලි තියන රටේනෙ කතන්දර. ආයි මුවහත් කරන්න කාලේ යවන්නේ මොකට ද? අළුත් ගහක් කපන්න, කඩෙන් අළුත්ම මුවහත් කරපු කියතක් ගන්නෙ. ඉස්සර කාලේ කැපුවේ එල්බො ග්‍රීස් වලින්. ඊට පස්සෙ ප්‍රැටල් දාපු කියත් වලින්. දැන් ඉලෙක්ට්‍රික් කියත් වලින්. හෙට අනිද්දා රොබොට් කඩේ යවලා රොබොට් කියතක් අරන් රොබොට් ලව්වාම කපා ගන්නවා!!! රටේ නිෂ්පාදනයටත් වෙළඳාමටත් තාක්ෂණික දියුණුවත් අත දෙන්න. ගස් තියන හැටියට කියත්....ගස් ඉවර වෙන්න නොදී වවාගන්නත් ඕනා ... නැත්නම් කියත් නිෂ්පාදකයන්ටයි වෙළෙන්ඳුටයි විද්‍යාඥයන්ටයි රස්සාවල් නැතිවෙනවානේ!!!!!!

    ReplyDelete
  12. බොහොමයක් මනුස්ස ප්‍රාණීන්ගේ කියත් වල මුවහත මදි තමයි..

    ඉඩ තිබුණු වෙලාවක පිවිසෙන්න thoughtsofvajiradevi.blogspot.com

    ReplyDelete
  13. බොහොමයක් මනුස්ස ප්‍රාණීන්ගේ කියත් වල මුවහත මදි තමයි..

    ඉඩ තිබුණු වෙලාවක පිවිසෙන්න thoughtsofvajiradevi.blogspot.com

    ReplyDelete
  14. 1. මොන තරං මොඩර්න් කියතක් උනත් මුවත් නොතිබ්බොත් එක්කො අතට හා ගතට එහෙම නැත්තං කියත සවි කරල තීන යන්තරේට දෙය්යන්ගෙ පිහිටයි! මේව වෘත්තීමය දැනීමෙන් කියන්නෙ.

    2. අද බොහෝ දෙනෙකු ගස් කැපීම ගැන විනා කියත මුවාත් කිරීම ගැන මොන අවධානයක්ද? ඒකනෙ නිකං ලැබෙන ට්‍රේනිං එකක් උනත් මට බිසී කියල නැත්තං ලොක්කන්ට පිස්සුද මෙච්චර වැඩ තියෙද්දි මේවට යන්න කියන්නෙ කිය කිය මඟ හරින්නෙ. ඇත්තටම සීයට කීයද වැඩට යන අතරෙ කියතත් මුවත් තියාගන්න හිතන්නෙ?

    ReplyDelete
  15. ඇත්ත කතාව...

    ReplyDelete
  16. ලොල් දත් අහනව ලොලේ ලොල්ය.. බන්.. :D ඔය කතාව පංචත්‍රන්ත්‍රයේ තියෙනව වෙන්ත් විදියකට... :D :D :D

    ReplyDelete
  17. සොඳුරු සිත හා එකඟ වෙමි.

    කියත මුවහත් කරන්නට ගත කරන කාලය මෙන් දස ගුණයක් කාලය මුවහත් කිරීමෙන් ලැබෙන ඵලදායීතාවය නිසා ඉතිරි කර ගත හැක.

    ReplyDelete
  18. දැනුයි ඔලුවට අාෙව්, මෙග් කියත් set ඒෙක් කියත් කීපයක්ම මුවාත් කරගන්න මටත් ෙවලාව නැති ෙවච්ච බව. දැන්ම මුවත් තියන්න ඔ්න.

    ReplyDelete
  19. "ඒකනෙ නිකං ලැබෙන ට්‍රේනිං එකක් උනත් මට බිසී කියල නැත්තං ලොක්කන්ට පිස්සුද මෙච්චර වැඩ තියෙද්දි මේවට යන්න කියන්නෙ කිය කිය මඟ හරින්නෙ."

    -------මාත් ඔයවගේ එව්වා දැකල තියනවා. සමහර අයනම් ෂොපින් යන්න වගේ වැඩවලට රට රට වල ට්‍රේනින් යනවා.-------


    --------

    හොදටම පරන වෙච්ච කියත් තමයි හොදටම මුවත් තියන්න ඕනි කියල හිතන්නත් එපා (පරණම පරණ කියත් මුවහත් තියන ගානෙන් අලුත් කියත් ගන්නත් පුළුවන්).

    ---------

    "අපි ඉතින් කියත් පාවිච්චියක් නැති හන්දා ප්‍රශ්නයක් නෑ. ඕනම උනොත් ගන්නවා electric Saw එකක්. මුවහත් කරන්න අවශ්‍ය නැහැනේ.

    ---හැබැයි තලේ මාරුකරන්න වෙනවා----

    ReplyDelete
  20. මටත් කියත් මුවාත් කිවුවම එක සැරේම ඔලුවට ආවෙ වෙනදෙයක්. ඒක නිසා අර සුලැඟිල්ල වගේ ලොල් කියල කට පියා ගන්නවා :D

    ReplyDelete
  21. කපන්න කපන්න මුවහත් වෙන කියතුත් තියෙනවනෙ කසූ...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.